ඉන්දු - ලංකා ප්‍රවාහන යාත්‍රා සේවය ඇරඹෙයි


ඉන්දු - ලංකා  මගී සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා සේවාව යළි ආරම්භ කිරිම පිළිබද රජයේ අවධානය යොමු වී තිබේ.

ශ්‍රි ලාංකික සහ නෝර්වේ සමාගම් ඇතුළත් නව ඒකාබද්ධ සමාගමක් ද ස්ථාපිත කිරිමට නියමිතය.

මුල් අදියර කොළඹ සහ ටියුට්කොරීන් අතර, මගී සහ භාණෟඩ ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමයි.

දෙවැනි අදියර  යටතේ තලෙයිමන්නාරම සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර , පාරු සේවාව දශක 3 කට පසු යළි ආරම්භ කරයි.

අ වසන් පියවර වන්නේ කොළඹ සහ ටියුට්කොරීන් අතර මුහුදු යාත්‍රාත සේවාව කේරල ප්‍රාන්තයේ කොචී වරාය වෙත දිර්ඝ කිරිමයි.