ඉන්දු ‐ලංකා වෙළඳ හා තාක්ෂණික ගිවිසුම ලබන ජුනි මාසයේදී අත්සන් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.
මෙම ගිවිසුමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ කිසිදු සේවාවක් ඇතුළත් නොකෙරන අතර ගිවිසුම අත්සන් කිරීමට පෙර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසර ලබා ගැනීමට කටයුතු කරන බව ද කියති.
මෙම නව ගිවිසුමට තොරතුරු තාක්ෂණය හා නැව් කර්මාන්තයට අදාළ සේවා සැපයීම සඳහා වන එකඟතාවයන් ඇතුළත් වන අතර තවත් සේවාවන් සපයා ගැනීම සඳහා වන කරුණුද ඇතුළත් වන බව ජාත්‍යන්තර වෙළඳ හා උපාය මාර්ග සංවර්ධන අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පැවසීය.
ගිවිසුම හරහා ලංකාවේ නැව් කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ අංශය දියුණු කිරීම සඳහා වන විශේෂඥයින් හා විද්වතුන් ඉන්දියාවෙන් සපයා ගැනීමට අපේක්ෂා කරන අතර ගිවිසුම සකස් කිරීමේ කටයු ලබන පෙබරවාරි මාසයේදී අවසන් කිරීමට නියමිතය.