ඉන්දු යාත්‍රාවට ලංකාවේ හිත


සමුද්‍ර නිරීක්ෂක යාත්‍රා දෙකක් සදහා ශ්‍රී ලංකාවෙන් ඇනවුමක් ලැබී ඇතැයි ඉන්දියාවේ ආරක්ෂක උපකරණ නිෂ්පාදක කටයුතු පිළිබඳ ඇමති රාවෝ ඉන්ද්‍රජිත් සිං කියයි.

මේ යාත්‍රා දෙකෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් අරඹා තිබෙන බවද එම කටයුතු සිදුවන්නේ ගෝවහි පිහිටා ඇති නෞකාංගනයකදී බවද සඳහන්ය.

ඇමතිවරයාට අනුව මෙම යාත්‍රා දෙක සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවෙන අතර කිසිඳු විදෙස් හවුල්කරුවෙක් ඒ සඳහා සහභාගී කර නොගැනේ.

මෙය ඉන්දියාව සමුදුරු යාත්‍රා අපනයනය කිරීමට යන ප්‍රථම අවස්ථාව බවත් එවැනි යාත්‍රා තැනීමට තරම් ඉන්දියාවේ තාක්ෂණය දියුණුවී තිබීම සමස්ථ ඉන්දියා ජනතාවටම ආඩම්බරයක් බවත් ඔහු පවසයි.