ඉරාකයේ ඉදිකිරිම් අංශයේ දූත පිරිසක් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්වින.
එහිදී ඉරාකය හා ද්විපාර්ශවීය සබදතා තර කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන සාකච්ඡා කෙරුණි.
ඉරාකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාවෙන් ගතහැකි සහයන් බොහෝ ඇතැයි මෙහිදී සදහන් වුනි.
ඉරාක දූත පිරිසට නායකත්වය සැපැයූයේ එරට කම්කරු හා සමාජ සම්බන්ධතා අමාත්‍ය නසාර් අල් රුබායි මහතාය. ඉරාකය හා යළිත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති කර ගැනීමට පෙරට පැමිණීම ගැන ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්තූතියද පුද කර සිටියේය.