ඉස්සන් මිල පහළ යාමෙන් ගොවීන් අමාරුවේ


 

        
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබුණද දිස්ත්‍රික්කයේම අස්වැන්න එකවර ලැබිත් සමඟ  මිල සිඝ්‍රයෙන්‍ පහළ වැටී ඇතැයි ගොවීහු කියති. 

වසර ගණනාවකට පසු මෙවර ඉතා සාර්ථක අස්වැන්නක් ඉස්සන් වගාකරුවෝ හිමිකර ගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත , අරච්චිකට්ටුව, මුන්දලම, පුත්තලම, කල්පිටිය,යන කලාප පහ තුළ  ඉස්සන් වගාව ආරම්භ කිරිම නිසා මෙම ඉස්සන් මිල පහළ ගොස් ඇතැයි ඔවුහු පවසති.

මේ නිසා  රටට  ලැබිය යුතුව තිබු  විශාල විදේශ විනිමයක්    වගකිව යුතු බළධාරින්ගේ නිසි කළමණාකරණයක් නොමැති විම නිසා අහිමි කර ඇති බවද ඔවුහු  චෝදනා කරති. 

මෙවර පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගා කරන කලාප පහ තුළම ඉස්සන් වගා කර ඇති අතර වසර දහයකට ආසන්න කාලයක් තුළ දි වැඩිම අස්වැන්නක් මෙවර ලැබි ඇති බවත් එය මෙට්‍රක් ටොන් 600 කට ආසන්න විය හැකි බවද වගාකරුවෝ කියති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පොකුණු තුළ වගාකරන කරදිය ඉස්සන් සදහා වැඩි ඉල්ලුමක් ජපානය , ඇමෙරිකාව , ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් ඇති අතර  මෙවර දේශිය මෙන්ම විදේශිය වෙළෙඳපොල ද අහිමිව ගොස් ඇතැයි ඔවුහු කියති.