ඊ ජේ සී අඹ වලින් ලක්ෂ 70 ක ආදායමක්


(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද  කළු ගඟ වාරි ව්‍යාපෘති භූමියට අයත් ගුරවෙල ගොවිපලේ වගාකර ඇති ටොම් ඊ ජේ සී අඹ වලින් රුපියල් ලක්ෂ හැත්තෑවක ආදායමක් උපයා ගත් බව ව්‍යාපෘති කාරියාලය කියයි.

අක්කර 65 ක භූමි ප‍්‍රදේශයක පවතින ගුරුවෙල ගොවි බිමේ ටොම් ඊ ජේ සී අඹ විශේෂයේ ගස් 1500 ක් පවතියි.

මහවැලි අධිකාරියට අයත් මෙම ගොවිපලේ කිලෝ ග‍්‍රෑම් හැට දහසක පමණ අඹ අස්වැන්නක් ලබාගැනිමට හැකියාව ලැබුණු බව මොරගහකන්ද වාරි ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දයානන්ද මහතා සඳහන් කළේය.