හර්ෂණ තුෂාර සිල්වා
ඊ.ඒ.පී ව්‍යාපාර සමූහයේ අයිතිකරුවන් ඊ.ටි.අයි ෆයිනෑන්ස් සමාගමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (5) ප්‍රකාශ කළේය.
ඇගයීම් ක්‍රියාවලිය ඊ.ඒ.පී ව්‍යාපාර සමූහයේ වත්කම් නියමිත පරිදි නියෝජනය නොකළ බව කී මහ බැංකු අධිපතිවරයා මූල්‍ය මණ්ඩලය පළමු ඇගයීම් වලට එකඟ නොවූ විට අයිතිකරුවන් ඇගයීම් අගය වැඩි කිරීමට එකඟතාව පළ කළ බවත් ඊට මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණ තැන්පතුකරුවන් ආරක්ෂා කිරීම බව කී මහ බැංකු අධිපතිවරයා නියාමකයා ලෙස මහ බැංකුවට මීට වඩා විස්තරයක් ප්‍රකාශ කළ නොහැකි බව ද කීය.
ඊ.ටි.අයි ෆයිනෑන්ස් සමාගමට මුදල් ලැබෙමින් තිබෙන එම මුදල් වලින් සම්පූර්ණ අර්බුදය නොවිසඳෙන බව ද හෙතෙම පැවැසීය.
සිංගප්පූරු සමාගමක් ඊ.ඒ.පී ව්‍යාපාර සමූහයට අයත් ඊ.ටි.අයි ෆයිනෑන්ස් සමාගමේ කොටස්වල ආයෝජනය කිරීමට එකඟත්වය පළ කර තිබූ බව ද වාර්තා විය.
ඊ.ඒ.පී ව්‍යාපාර සමූහය ආයෝජකයන් සමඟ එකඟතාවක්
Recommended Articles