උතුරුදිග දුම්රිය මාර්ගයේ කිළිනොච්චිය සිට පලෙයි දක්වා වන කිලෝමිටර 40 ක පමණ වන කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවත් මාර්තු මස පළමුවැනිදා පටන් කොළඹ සිට පලෙයි දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත් ශී‍්‍රලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කිලෝමිටර් 146 ක් දිගු වන උතුරු දිග දුම්රිය මාර්ගය ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා දිවේ.යුද සමයේදී කොටී රේල් පීලී ගලවා බංකර සැදුහ.
දැනට කොළඹ සිට කිළිනොච්චිය දක්වා දුම්රිය ධාවනය වේ.
එළැඹෙන අප්‍රේල් මාසය වන විට යාපනය දක්වා ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම දුම්රිය දෙපාර්තමෙන්තුවේ අපේක්ෂාවයි.
කන්කසන්තුරය දක්වා සම්පූර්ණ උතුරුදිග දුම්රිය මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ ජූනි මස අවසාන භාගය වන විට නිම කිරීමට හැකිවනු ඇතැයිද ශී‍්‍ර ලංකා දෙපාර්තමෙන්තුව පවසයි.