උතුරුකරයේ වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම සදහා ක්‍රියාත්මක වැඩසටහනට පවුම් ලක්ෂ 21 ක (රුපියල් කෝටි 45ක් පමණ) මුදල් ආධාර ලබා දීමට බ්‍රිතාන්‍යය සැරසේ.
මේ සදහා මූලිකත්වය ගෙන ක්‍රියාකරනුයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන්ය.
යාපනය,කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්ක වල විවිධ ප්‍රදේශයන්හි වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම තවමත් සිදුවේ.
ලැබීමට නියමිත මුදල් ආධාර උපයෝගී කරගෙන යාපනය දිස්ත්‍රික්කයේ වළ දමා ඇති බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කයන්ගේ වළදමා ඇති බිම්බෝම්බ සෑහෙන පමණ ඉවත් කිරීමටත් හැකි වනු ඇතැයි සදහන් වෙයි.