උසස් පෙළට තාක්ෂණයත් එයි


උසස් පෙළට අලූතින් තාක්ෂණික විෂය ධාරාවක් එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසේ.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය,තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ සදහා මුලිකත්වය ගෙන සිටී. දිවයින පුරා පිහිටි පාසැල් 200 කට මේ විෂය ධාරාව හදුන්වාදීමට නියමිතය. අඩුම තරමින් ඡුන්ද කොට්ඨාසයක පිහිටුවන පාසල් වලින් එකකටවත් නව විෂය ධාරාව හදුන්වාදීම අධ්‍යාපන අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

මේ සදහා වන කැබිනට් පති‍්‍රකාව පසුගියදා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහ. ඊට අනුමැතිය හිමි විය.