එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග අවබෝධතා ගිවිසුමක්


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලදී සහයෝගීත්වයෙන් කටයුතු  කිරීම උදෙසා ‘ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් ශ්‍රී ලංකා (යු.එන්.ජී.සී) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම ගිවිසුම යටතේ සංවිධාන දෙකම 2030 සංවර්ධන සැලැස්ම යටතේ තිරසර මූලධර්මවලට අනුව පෞද්ගලික අංශය සමඟ කටයුතු කරනු ඇත. ඒ යටතේ ශ්‍රී ලංකාව  තිරසර මානව සංවර්ධනයක් අත්පත් කරගැනීම උදෙසා පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරීමට නියමිතය. 

‘ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් ශ්‍රී ලංකා (යු.එන්.ජී.සී) වෙනුවෙන් එහි සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජෝන් සොරෙන්සන් යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.  

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලදී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වවලට වැඩි අවස්ථාවක් දෙමින් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ‘ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් ශ්‍රී ලංකා (යු.එන්.ජී.සී) බලාපොරොත්තු වේ.