එච්එන්ඩීඊ සිසුහු ‘ඉන්කෝ‘ ප්‍රදර්ශනය හැඩ කරති


අයිඅයිඊඑස්එල් ආයතනයේ මූලිකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන ‘ඉන්කෝ‘ කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන එච්එන්ඩීඊ ඉංජිනේරු ප්‍රදර්ශනය ජූනි 24, 25 හා 26 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

දෙස් විදෙස් ඉංජිනේරු ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් නව නිපැයුම් 150කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනයේ බී ශාලාවේ එච්එන්ඩීඊ ප්‍රදර්ශන කුටියේ දී දැකගත හැකිවේ.

රොබෝ තරගාවලියක් සහ පාලම් ආකෘතියක්ද ප්‍රථමවරට මෙවර ප්‍රදර්ශනයේ දී සංවිධානය කර ඇති අතර එම සිසුන්ගේ ගායන වාදන හැකියාවන් ද එහිදී එළිදැක්වේ.

6a975e33-6fe7-4d1a-ae1c-3c47e2dd8ed9 754a58dc-5ebb-4541-8950-a4c1e6634cb9 95656b8a-9cd0-4d42-940b-097c9e3632b7 c39e65f2-bb35-44e5-a85b-003f42b0cc01