ස්ථීර නිවාස අහිමි සේවකයින් වෙනුවෙන් ඒ.එස්.බී ෆැෂන් ආයතනය ඉදිකිරීමට ආරම්භකර ඇති නිවාස 300 ව්‍යාපෘතිය යටතේ අටවැනි නිවාසය පානදුර ශාඛාවේ සේවකයකුට හා එහිම සේවය කරන ඔහුගේ බිරියට පවරා දෙනු ලැබූහ.
ආයතනයේ වසර 10ක් සේවයේ නිරතව සිටි වැඩ පරීක්ෂක ඉසුරු සම්පත් සහ එහිම සේවය කරන ඔහුගේ බිරිඳ චංචලා සඳමාලි වෙත මෙසේ නිවාසය හිමි විය
නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 20 කි
ඒ.එස්.බී ෆැෂන් ආයතනයේ සභාපති ජයසිරි ද සිල්වා සම සභාපතිනී ජීවන්ති පේදුරුආරචිචි කලමණාකාර අධ්‍යක්ෂ සඳුන් ජීවන්ත යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නිවාසය පවරාදීම සිදුවූ අතර සාමාන්‍යාධිකාරී රෙක්ස් ජෑන්ස් මානව සම්පත් කලමනාකාර මොහාන් පල්ලියගුරු පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න පානදුර දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රසන්න යන මහත්වරුන්ද මේ සඳහා එක්වූහ.