ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව 30 ක් පිරිනැමීමට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ. ශිෂ්‍යත්ව හිමි කරගත් සිසුන් රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර වෙළෙඳාම හා සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඉංජිනේරු කළමනාකරණය, සායනික මනෝවිද්‍යාව හා ජාත්‍යන්තර ව්‍යාපාර යන විෂය ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනයේ නිරත වීමට නියමිතය.
ඕස්ට්‍රේලියාව තෘතිය අධ්‍යාපනය සැපයීමේ ප්‍රමුඛතම රටක් යැයිද මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෲස් හච්සන් මහතා පැවැසීය.
“ඕස්ට්‍රේලියාව යනු තෘතිය අධ්‍යාපනය සපයන ප්‍රමුඛතම රටක්. අපි සිසුන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අඛණ්ඩව පුළුල් කර තිබෙනවා. දැනට ජාත්‍යන්තර සිසුන් 708,000ක් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබනවා.”
“පසුගිය වසරේදී එම සංඛ්‍යාව 640,000ක් වුණා. ඒ අතරේ ශ්‍රී ලංකාවේ සිසුන් ද ඉන්නවා” යැයිද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෲස් හච්සන් මහතා පැවසීය. .
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශවීය සබඳතා ආරම්භ කර මේ වසරට වසර 70ක් සැපිරෙන බව ද සිහිපත් කළ මහ කොමසාරිස්වරයා මෙහිදි අධ්‍යාපනයයේ වැදගත්කම සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර උණුසුම් හා මිත්‍රශීලි සබඳතා පවතින්නේ දශක ගණනාවක පටන්. එහි ප්‍රධාන සම්බන්ධයක් විදියට අධ්‍යාපනය පෙන්වා දෙන්න පුළුවන්. 1950 දශකයේ මුල් වසරවලදී ආරම්භ කරන ලද කොළඹ සැලස්මට අනුව ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව 1,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා” යැයි ද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.