කදිරා වෙඩි තියාගෙන එයි.. බ්‍රැන්ඩික්ස් සේවකයෝ හුරේ දාති


ගිනි අවියක් ගත් පුද්ගලයෙක් පසුගිය දිනක හදිසියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයට කඩා වැදුණේය.

ඒ වනවිට එහි සේවකයෝ ඔවුන්ගේ අවුරුදු උත්සවයට සූදානම් වෙමින් සිටි අතර ගිනි අවිය අමෝරා ගත් පුද්ගලයා දස අතට ගිනි බිඳිමින් පැමිණෙන අයුරු දැක බිය වෙනවා වෙනුවට මහත් ප්‍රිතියට පත්වූහ.

මොහොතකින් ඔහු පසු පසින් තවත් පිරිසක් පැමිණියහ.

ඒ අතර පිත්තල බොත්තම් එබ්බවු කෝට්බෑයක් පැළඳ හිසෙහි නැමි පනාව ගැසු අයෙක් ද සිටියේය .

ඔහු කෝරළේ මහත්තයාය..මැණිකේ ද   අසලින්ම සිටියාය.

මොහොතකට පෙර ගිනි අවිය ගෙන පැමිණියේ කදිරාය...

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සූර්යය මංගල්‍යයේ අපූරුවු රංගනය   එසේ හැඩ විය.