පසුගිය රජයේ වියදම් පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (17) මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මුදල් ඇමැති හා ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
පසුගිය රජය ලබාගත් ණය පිළිබඳවද සවිස්තර සටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම වසරේ දී 6.3% සිට 6.8% අතර ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බවත් ජනතාව හැමදාම සහනාධාර බලාපොරොත්තු නොවිය යුතු බවත් ඔහු කීවේය.