(ඩබ්. ඒ. පියතිලක)
කවුඩුල්ල ජාතික උද්‍යානය සහ මින්නේරිය ජාතික උද්‍යානයේ දෙස් විදෙස් සංචාරකයන් එම උද්‍යාන නැරඹීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කිරිමෙන් 2017 වර්ෂයේ ආදායම මිලියන 550ක (කෝටි 55) ආදායමක් උපයා ඇති බව එම උද්‍යානවල භාරකරුවෝ කියති.
කවුඩුල්ල ජාතික උද්‍යානයේ පමණක් 2017 වර්ෂයේ මිලියන 270ක ප්රවේශපත්ර අලෙවි කර ඇති බවත් එම වර්ෂයේ අගොස්තු මස පමණක් මිලියන 52කට ආසන්න මුදලක ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කළ බවත් මේ දිනවල දිනක ආදායම ලක්ෂ 2-3ක් පමණ බවත් කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ඩබ්. ජී. කේ හේරත් මහතා කියයි.
මින්නේරිය ජාතික උද්‍යානයේ 2017 වර්ෂයේ මිලියන 280ක ප්රවේශපත්ර අලෙවි කර ඇතිබවත් එම වර්ෂයේ අගොස්තු මස පමණක් මිලියන 55කට ආසන්න මුදලක ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කළ බවත් මේ දිනවල දිනක ආදායම ලක්ෂ 10-15ක් පමණ බවත් මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු බී. එස්. මඩුගල්ල මහතා කියයි.