කළුතර කුඩා රබර් වතු හිමියන් අමාරුවේ


ප්‍රේමතිලක පෙරමුණ

රබර් මිල පහල යාම නිසා කළුතර දිස්ත්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇත.මිල පහල යමින් තිබෙන බැවින් රබර් මිලදී ගැනීම් ව්ශාල අවදානම් තත්වයකට පත්ව ඇතැයි ව්‍යාපාරිකයන් පවසයි.


අද දින බදුරලිය නගරයේ සියළුම රබර් මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වසා දමා ඇති අතර, රබර් අලෙවි කිරීම අසීරු බැවින් කඩ වසන බව සඳහන් බෝඩ් ගසා තිබෙන බව දැකගත හැක