ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පොලී අනුපාතයට සීමාවක්


(රංජන් කස්තුරි)
 
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල වාර්ෂික ණය පොලී අනුපාතය   30%ක උපරිමයකට සීමා කිරීමේ නව නීති පනවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
 
ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්  40%ක සිට 220% දක්වා වන අධික පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීම නිසා ග්‍රාමීය ජනතාව දැඩි ණය බරක හිරවී තිබෙන බව ද රුපියල් ලක්ෂයට අඩු එවැනි ණය කපා හරින බව ද මුදල් ඇමැතිවරයා කීය.