කාර්මික ලොවට නොමිලේ අත්වැලක්


කොළඹ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ පෙළට (අවුරුදු 18-30) සදහා  නොමිලේ වෘත්තිය පාඨමාලා හැදැරීම සදහා  මොහාන් ලාල් ග්‍රේරු පදනමෙන්  අවස්ථාව ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කැර ඇතැයි අධ්‍යාපන  නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කියයි.

පදනමට  අනුබද්ධිත  වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ දී  විදුලි කාර්මික,මෝටර් රථ කාර්මික,ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව,පරිගණක ,ගුවන් විදුලි හා ඉලෙක්ට්‍රොනික්,ඉංග්‍රීසි ,රූපලාවන්‍ය ,විද්‍යානූකූල ඇඳුම් කැපීම සහ මැසීම  සුපවේදය යන පාඨමාලා පුහුණු නොමිලේ හැදැරීමට අවස්ථාව හිමි වේ.

‘මොහාන් ලාල් ග්‍රේරු පදනම ,අංක 207/01/01, ගාලුපාර ,රත්මලාන’ ලිපිනයට දෙසැම්බර 15 වැනි දිනට පෙර අයදුම්පතක් යොමු කළ යුතු බවත්

 011 4 216 591 දුරකතන අංකයට සතියේ දිනයන්හි උදෑසන 9 -2 අතර අමතා වැඩි විස්තර ලබා ගත හැකි බවත් පදනම කියයි.