කුඩා යාපනයට අලුත් වෙළඳසළක්


ලාංකිකයන් කුඩා යාපනය ලෙස හඳුන්වන පැරීසියේ ලා චැපල් උමං දුම්රිය පොළ පිහිටි ප‍්‍රදේශය ශ්‍රී ලාංකික දමිළ හා ඉන්දියා වෙළඳසැල් වලින් පිරිණු කලාපයකි. එහි වෙළඳසල් පවත්වාගෙන යන ව්‍යාපාරික පීරිස් මහතා විසින් ‘සසා එන්ටප‍්‍රයිසස්‘ නමින් නව වෙළඳසළක් පසුගියදා විවෘත කෙරිණි.

පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද සහ මහගම සුනීත හිමිවරුන්ගේ සහාභාගිත්වයෙන් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිංහල චාරිත‍්‍රානුකූලව ආරම්භ කළ නව වෙළඳසළ විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ.

image_1 image_2 image_3