කුස්සියට වැට් බද්දෙන් සහන


ආහාර ද්‍රව්‍ය 31ක් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) අදාළ නොවන බව වැඩබලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

හාල්මැස්සන්, අර්තාපල්, රතුලූණු, බොම්බයි ලූණු, සුදුලූණු, වටානා, කඩල, මුංඇට, පරිප්පු, වියළි මිරිස්, ටින් මාළු, සීනි, උදු, කව්පි, කුරක්කන්, උම්බලකඩ, කරවල, දොඩම්, මිදි, ඇපල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, කහ, උළුහාල්, කුරක්කන්පිටි, උදු පිටි, රටකජු, අබ, එළවළු තෙල්, මාළු, මැකරල් මාළු, යෝගට්, මාගරින්, ලුණු, රට ඉඳ ඉම ආහාර ද්‍රව්‍යයයි.

විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත්‍රයට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ සහ අධි තාක්ෂණ උපකරණ, තඹ කම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු ලබන බලපත්‍ර, සෞඛ්‍ය සේවා සැපයීම, මැයි දෙවැනිදායින් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් බදු නිදහස් කිරීම මැයි මස දෙවැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කර තිබේ.

Capture IMG_7649