කෙසෙල් ගෙඩියටත් තැනක්


ශ්‍රී ලංකාවේ කෙසෙල් වගාව හා ධීවර කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍ර වල ඇති ආයෝජන අවස්ථාවන් පිළිඹද සොයා බැලීමට ජපාන සමාගමක් සැරසේ.

ජපානයේ ඉටොචු (අයි.ටී.ඕ.සී.එච්.යූ.) සමාගම මේ සදහා ඉදිරිපත්ව ඇතැයි ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කර සිටී.

සමාගමේ නියෝජිතයින් හා ආර්ථීක සංවර්ධන අමාත්‍යංශයේදී පැවැති හමුවකදී මේ කරුණු සදහන් කෙරුණි.

සමාගම් නියෝජිතයින් හමුවේ කරුණු පැහැදිලි කළ ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පළතුරු හා ධීවර කර්මාන්ත වලට හොද වෙළදපොලක් ඇතිවෙමින් පවතින බව පෙන්වා දෙයි. දශක 3 ක යුද්ධයකින් පසු පිබිදෙන ශ්‍රී ලංකාවේ දැන් පවතින දේශපාලන ස්ථාවරත්වය,සාමකාමී වාතාවරණය වැනි කරුණුත් දක්ෂ ශ්‍රමිකයන් සපයා ගැනීමට හැකි වීමත් නිසා ශ්‍රී ලංකාව ආයෝජනයන්ට සුදුසුම රටක් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.