කොත්මලේ පුංචි බලාගාරෙන් පුංචි දායකත්වයක්


ශ්‍රී ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන විදු ලංකා සමාගම තම හත්වැනි කුඩා ව්‍යාපෘතිය වන කොත්මලේ කුඩා පරිමාන ජල විදුලි බලාගාරයේ විදුලිය ජනනය කටයුතු පසුගියදා ඇරඹීය.

මෙම විදුලි බලාගාරය මෙගා වොට් 4ක විදුලි බල ධාරිතාවකින් යුක්තය.

බලාගාරය ඉදිකිරීම සදහා වේලි බැදීමක් හෝ ජලාශයක් ඇති කිරීමක් හෝ කිසිත් කර නොමැති අතර කොත්මලේ ඔයේ පහළට ගලා බසින ජල පහරින් විදුලි ජනක යන්ත්‍ර කරකවයි.

මේ නිසා පරිසරයට කිසිදු හානියක් සිදුව නැතැයි කියති.