කොළඹ නගරයේ ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමයක් ඇති කිරීම සඳහා ඩොලර් ලක්ෂ 1070 ක් දීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
මේ සඳහා වන යෝජනාව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය භාරවද කටයුතු කරන ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේය.
යෝජනාව ප්‍රකාරව ඇති කරන්නට යන ක්‍රමයට අනුව කොළඹ නගරයේ ඝණ අපද්‍රව්‍ය දුම්රිය මඟින් පුත්තලම දිස්ත්‍රික්කයේ ආරුක්කුලම් ප්‍රදේශයේ ඉදිකෙරෙන විශේෂ පරිශ්‍රයක් වෙත ගෙන යනු ඇත.අනතුරුව එම අපද්‍රව්‍යයන් එම ප්‍රදේශයේ ඇති ‘‘හොල්සිම්‘‘කම්හලේ ඇතැම් කටයුතු සදහා ඉන්ධන ලෙස භාවිතා කෙරෙනු ඇත.
මේ සඳහා ඉදිකිරීමට යන දුම්රිය මාර්ගයන්ගේ මෙන්ම භාවිතා කිරීමට යන විශේෂයෙන් සැකසූ දුම්රිය ගැල් සම්බන්ධයෙන් සැළසුම් සකස් කිරීම දුම්රිය දෙපාර්තමෙන්තුව අවසන් කර ඇතැයි සදහන්ය.
මුලූ ව්‍යාපෘතියම අන්තර්ජාතික නිර්නායකයන්ට අනුව ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි කැබිනට් තොරතුරු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොළඹ නගරයේ පමණක් වසරකට මෙට්‍රික් ටොන් 700 ක පමණ කසළ ප්‍රමාණයක් එක් රැස් වන අතර කොළඹ තදාසන්න ප්‍රදේශය සැළකූ විට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1200 ක් වැනි අගයක් ගනී.
දැනට මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර 16 ක භූමි භාගයක් මෙම කසළ බැහැර කිරීමට භාවිතා කෙරෙන අතර මේ සම්බන්ධව ප්‍රදේශයේ වැසියෝද නොයෙක් වර විරෝධතා පළ කළහ.
එම ප්‍රදේශයේ ඩෙංගු,මැලේරියා වැනි රෝග පැතිර යාමේ ඉහළ ප්‍රවණතාවක් දක්නටද ඇත.
කොළඹ නරග සභාවේ මැදිහත්වීමෙන් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවද එය නිසියාකාරයෙන් සිදුනොවන බව සඳහන්ය.