(හර්ෂණ තුෂාර සිල්වා)
ලබන අප්‍රේල් 1 වැනිදා සිට කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ කටයුතු නව පරිගණක පද්ධතියක් ඔස්සේ සිදු කරන බව එම අංශයේ අධ්‍යක්ෂිකා ඉංජිනේරු ප්‍රියන්තා පීරිස් මහතා අද (13) ප්‍රකාශ කළාය.
ජනතාවට කඩිනමින් සේවා සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය එම නව පරිගණක පද්ධතිය මේ වනවිට සංවර්ධනය කෙරෙමින් පවතින බව ද ප්‍රියන්තා පිරීස් මහත්මිය පැවසුවාය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුවේදී අදහස් දක්වමින් ප්‍රියන්තා මහත්මිය එම කරුණු කීවාය.
කොළඹ මහ නගර සභාවේ තක්සේරු දෙපාර්තමේන්තුව, නගර සැලසුම් දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අතර අන්තර් සබඳතාවක් ගොඩනැගෙන අයුරින් මෙම නව පරිගණක පද්ධතිය සංවර්ධනය කෙරේ.
නව පරිගණක පද්ධතිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ පහසුකම් සපයා ගැනීමට මහජනතාවට අවස්ථාව කරදීමට කොළඹ මහ නගර සභාව බලාපොරොත්තු වේ. අන්තර්ජාලය ඔස්සේ ගොඩනැගිලි සැලසුම් අයදුම්පත් යොමු කිරීම, ඉඩම් සංවර්ධන තොරතුරු සහතික පත්‍රය ලබාගැනීම ආදීය ද ඇතුළු සේවා රැසක් කඩිනමින් සහ පහසුවෙන් කරගැනීමට මහජනතාව අවස්ථාව උදා වන බව ද ප්‍රියන්තා පිරීස් මහත්මිය වැඩිදුරටත් කීවාය.