ශ්‍රීලංකාව දකුණු ආසියා කලාපයේ ප්‍රධානතම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය බවට පත්කිරීමට මේ දිනවල කොළඹ වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතු වනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව කියයි.
ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රීලංකා වරාය අධිකාරිය එක්ව පිරිවැය දරන මේ කොළඹ වරාය සංවර්ධන ක්‍රියාවලියට වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 5000 කි.සංවර්ධන ව්‍යාපෘතිය 2006 වසර සිට ක්‍රියාත්මක වන අතර මේ වන විට එහි කටයුතු පවතින්නේ අවසන් අදියරේ බව සදහන්ය.
ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ඉදි කළ මීටර් 18 ක් ගැඹුරු කිලෝමිීටර 5.14 ක් දිග නව දියකඩනය නිසාවෙන් විශාල පරිමානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා කොළඹ වරාය වෙත ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රීලංකා වරාය අධිකාරිය කියයි.මිිීටර 400 ක් බැගින් දිගු වන නව පර්යන්ත 2 ක ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ජූලි මාසය වන විට නිම කිරීමට නියමිත අතර තවත් පර්යන්තයක් ඉදිකිරීමටත් සැළැසුම් කර ඇත.