
(සුජිත් හේවාජුලිගේ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් කෝට්ටේ කල්්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාව ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.
කෝට්ටේ කල්්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාව පෙරේදා(17) කෝට්ටේ රජ මහා විහාරයේදී රැස්විය
ඒ එම සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්රධානත්වයෙනි.
කොටපිටියේ රාහුල නාහිමියෝ සංඝ සභාවෙන් පසු මාධ්ය වෙත අදහස් දක්වමින් මෙසේද පැවසූහ.
අපේ සංඝ සභාව රැස්වුණේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. එතැන කතාවෙච්ච දේවල් මාධ්යයට එකවර කියන්න යන්නේ නෑ. උන්වහන්සේ සහ සමස්ත භික්ෂූන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි ඒ වගකීම අත්හරින්නේ නෑ.
සමස්ත බෞද්ධ ජනතාව සංස්කෘතිය සභ්යත්වය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ ස්ථාවරය අපි වෙනස් කළේ නැහැ. අපේ සංඝ සභාව ඒ තීරණය මත දිගටම ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd