කොළඹ වරායට නව ගුදමක්


කොළඹ වරායේ ගුදම් පහසුකම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙළේ පළමු පියවර යටතේ නව ගුදමක් ඉදි කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

වර්ග මීටර 5400ක ප්‍රමාණයකින් යුත් එම බහලු මෙහෙයුම් නැව් බඩු මධ්‍යස්ථානය ඉදි කර ඇත්තේ අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් කටයුතු සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කරමිනි.