කෝටි 1100ක වියදමින් හැඩ ඔය හරහා ජලාශයක්


රුපියල් කෝටි 1100ක වියදමින් අම්පාර දිස්ත්‍රික්කයේ හැඩ ඔය හරහා ජලාශයක් ඉදි කිරීමට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකාරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

හැඩ ඔය, විල ඔය හා කරඳ ඔය නිම්නයේ ඇති වැව් අමුණු යටතේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 6500ක පමණ ඉඩම් වල වගා කටයුතු සිදු කැරෙයි. හැඩ ඔය දෙපස පිහිටි කුඹු රජයෙන් යටවීම හේතුවෙන් මහ කන්නයේ වී වගා කටයුතු පමා වන අතර ජලය ප්‍රමාණවත් නොවීම නිසා යළ කන්නයේ වගා කටයුතු අඩාල වේ.

අම ගැටළු නිරාකරණයට සහ අමතර හෙක්ටයාර 5300කට අවශ්‍ය වාරි ජලය සැපයීමට හැකි වන පිරිදි මෙම ජලාශය ඉදි කිරීමට නියමිතය.