ඉන්දියාව මූලස්ථානය කරගත් චිසෙල්ස් කායවර්ධන මධ්‍යස්ථානයේ ශාඛා ශ්‍රී ලංකාවේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවීමට යෝජනා කර ඇතැයි වාර්තාවේ.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලිට චිසෙල්ස් සමාගමේ 30%ක කොටස් හිමි බව කියති. මෙම සමාගම කැලිෆෝනියාව මූලස්ථානය කරගත් ව්‍යාපාරික ආයතනයක් හා සම්බන්ධව සිටී. සත්‍ය සිංහා එහි සම හිමිකාරිත්වය දරයි.
එම සමාගම මේ වන විට බැංග්ලෝර් සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි ශරීර සුවතා මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. තමන් ඊළඟ මාස කිහිපය ඇතුළත දිල්ලි, මුම්බායි, ගුවහාටි, හයිද්‍රාබාද් සහ චෙන්නායි හි ද 2018 වසර වන විට සමස්ත ඉන්දියාව පුරා ශාඛා 100ක් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සිංහා පවසයි.
ඒ සමගම බර අඩුකරන කෑම හා ඇඳුම් නිෂ්පාදනයට යොමුවීමට නියමිත බව ඔහු කියයි. චිසෙල්ස් සමාගම තම එක් ශාඛාවක් සඳහා ඉන්දීය රුපියල් මිලියන 20ක් පමණ ආයෝජනය කිරීමට කටයුතු යොදා ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය සඳහන් කරයි.