ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ කොටසක සැකසූ බිලියඩ් පුහුණු මධ්‍යස්ථානය ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා අතින් විවෘත විය. ඊට මුල් වූයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාය.
ගම්පහ කොට්ඨාසයේ පොලිසි 12 සිටින පොලිස් සාමාජිකයනට මේ ස්ථානයේ පුහුණුව ලැබිය හැකි බවත්, ඒ මගින් ඉදිරි වසරේ ජාතික මට්ටමේ තරගවලට පොලිස් සාමාජිකයන් යොමු කිරීමට අදහස් කරන බවත්, පොලිස් නිලදාරීන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවත් බිලියඩ් කාමරය විවෘත කරමින් කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා පැවසීය.
ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන සඳසිරි බණ්ඩාර, චන්දන කොඩිතුවක්කු සහ පුෂ්පකුමාර පෙරේරා මහත්වරු ද, ගම්පහ කොට්ඨාසයේ පොලිස් දොළහේ ස්ථානාධිපතිවරුන් ද සහභාගී වූහ.