ජපන් ආධාර යටතේ නව ගල්අගුරු බලාගාරයක් ඉදිකිරීමට ශී‍්‍ර ලංකා විදුලි බල මණ්ඩලය සැළැසුම් කර ඇත.
මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුතු වනු ඇති මේ බලාගාරය ඉදිකිරීමට වැයකිරීමට අපේක්ෂිත මුදල ඩොලර් කෝටි 50ක් රුපිල් හෙවත් කෝටි 6400කි.
බලාගාරය ඉදිකෙරෙන ප‍්‍රදේශය මෙතෙක් තීරණය කර නොමැති අතර එය බොහෝ විට දකුණු පළාතේ වනු ඇතැයි පැවැසේ.බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගභාගයේදී ආරම්භ කෙරෙනු ඇති අතර වසර එකහමාරක් වැනි කාලයක් ඇතුළත නිම කිරීමට සැළැසුම් කර තිබේ.