රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ රැකියා ලබාදිමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම ක්‍රියාත්මක කළ රැකියා බැංකු නව ගොඩනැගිල්ල විවෘත කිරීම අධ්‍යාපන නියෝජ්‍යය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ, රේමන්ඩ් පාරේ අංක 32/7, දරන ස්ථානයේදී අද (03) විවෘත විය.
කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර පාසල්, බැංකු හා මූල්‍ය සමාගම්, නිෂ්පාදන කර්මාන්ත ශාලා, රෝහල්, ආරක්ෂක සේවා, සන්නිවේදන ආයතන, ඉදිකිරීම්, වෙළද ආයතන, සංචාරක හා විවිධ සේවා ආයතනයන්හී පවතින පුරප්පාඩු සදහා රැකියා විරහිත තරුණ තරුණියන් යොමු කිරීම මෙහි අරමුණයි.