ගුවනටත් නායකත්ව පුහුණුවක්


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන් සඳහා විශේෂ කළමනාකරණ සහ නායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක්  පැවැත්විණි.

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය මගින් මෙය සිසු කෙරිණි.

 ජාතික ගුවන් සමාගමේ කළමනාකරුවන් අතරින් තම රැකියාවන් හි වගකීම් ගණනාවක් දැරීමේ හැකියාවන් සහ උසස් කළමනාකරණ තනතුරු හොබවන පිරිසක් මෙම වැඩසටහන සඳහා තෝරා ගන්නා ලදී.

මේ සඳහා සම්පත් දායකකරුවන් ලෙස ආචාර්ය ට්‍රැවිස් පෙරේරා මහතා, ආචාර්ය අජන්ත ධර්මසිරි මහතා සහ මහාචාර්ය උදිත ලියනගේ යන මහත්වරු විසින්  තෝරාගත් කළමනාකරුවන් 30 ක් සදහා සැසිවාර පවත්වන ලදී.

මේ අනුව තීරණ ගැනීම ,ගැටළු නිරාකරණය කිරීමේ හැකියාවන්,නායකත්ව කළමනාකරණය,උපාය මාර්ගික කළමනාකරණය ,තරඟකාරි වාසි සැලසුම්කරණය සහ සම්පාදනය,නායකත්ව ව්‍යුහය ,නායකත්ව අභියෝග ,භාව බුද්ධිය සහ යටත් සේවක වර්ධනය යනාදි විෂයන් රැසක් පිළිබඳව මෙහිදී දේශන පැවැත්විනි.

 මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය උදිත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ “සෑම කළමණාකරුවෙක්ම පුද්ගල කළමනාකරුවන් වන අතර මොවුන් විසින් පුද්ගලයන් සහ ඔවුන්ගේ කාර්යයන් කළමනාකරණය කළයුතු වේ.ඇතැම් කළමනාකරුවන් නායකයන් මෙන් කටයුතු කරන්නේ ඔවුන් පුද්ගල කළමනාකරණය සහ නායකත්වය දැරීම තුළින් පුද්ගලයන්ට අනුබල කිරීමේ හැකියා වර්ධනය කර ඇති හෙයිනි. නායකත්වයේ මූලික සංකල්ප පිළිබඳ සාකච්ඡා කිරීමට ලැබීම සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන්ට මෙම කරුණු ප්‍රායෝගිකව යොදා ගන්නා අකාරය පිළිබඳව දැනුවත් කිරීමට ලැබීම වෙනුවෙන් කළමනාකරණ පස්චාත් උපාධි ආයතනය ඉතා සතුටට පත්වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානි ප්‍රදීප් කැකුළාවල මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරතුරුවම එහි මානව සම්පත් පිළිබඳව ආඩම්බරයට පත්වන අතර ඔවුන්ගේ දක්ෂතා වැඩිදුයුණු කිරීම තුළින් සාර්ථකත්වය කරා ගමන් කළ හැකි බව පිළිගනී.මෙම වැඩසටහන තුළින් පවතින දැනුම සහ සහභාගීවන්නන් සඳහා තෝරාගත් විෂයන් හි සිද්ධාන්ත පිළිබඳ චින්තනය සන්නිවේදනය කිරිම තුළින් ප්‍රායෝගිකව යොදා ගැනීමට හැකිවනු ඇත.”

ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ගෝලීය වශයෙන් බහුවිධ කාර්ය මණ්ඩලයක් පවතින අතර ශක්‍යතා සංවර්ධනය සහ නායකත්ව කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් ඵලදායිතාව වර්ධනය කිරීමටත් ඉලක්ක සහ අරමුණු ළඟා කර ගැනීමටත් හැකිවනු ඇත.මෙම වැඩසටහන මූලික වශයෙන්ගුවන් සමාගමේ ඉදිරි වර්ධනය සදහා වැදගත් වනනවීන කළමනාකරණ හැකියාවන් හා කුසලතා වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින් පැවැත්වීය. 

මෙම වැඩසටහන  ව්‍යාපාර නොකඩවා පවත්වා ගැනීම ඉලක්ක කරගනිමින් ව්‍යුහගත සහ අනාගත කුසලතා මෙන්ම නායකත්ව සංවර්ධන වැඩසටහනක් ලෙස පැවැත්විනි.

 _MG_7380