ගුවන් බසයේ මංගල ගමනට එස්.එම්.එස්


ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක දැන්වීම් වලට සවන් දී ගුවනින් දැකීමට කැමතිම නගරය එස්.එම්.එස් කර දිවයින වටා සිරි නරඹමින් ගුවන් සවාරියක් යාමට වාසනාවන්තයින් 20 දෙනෙකුට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන්  ඇනවුම් කර ඇති ඒ 330-300 වර්ගයේ ගුවන් යානා 6 න් පළමු ගුවන් යානාව  පිළිගැනීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙන ලබන 31 වෙනි දින මෙම ගුවන් ගමන සැලසුම් කොට ඇත.

අදාල  වෙළඳ දැන්වීම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රචාරය වන බවත් එය සවන් දීමෙන් පසු යවනු ලබන එස්.එම්.එස් වලින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.  

මෙම ගුවන් විදුලි ප්‍රචාරක වැඩසටහන් මේ වන විට ප්‍රචාරය වීම ආරම්භ කර ඇති අතර  එයට සවන් දී එස්.එම්.එස්  යොමු කිරීම සඳහා මේ මස 26 වන දින දක්වා කාලයක් ලබා දී ඇත.

මෙම එස්.එම්.එස් අතුරින්  ජයග්‍රහණය හිමි කර ගන්නා වාසනාවන්තයින්ගේ නම් මේ මස 27 වෙනි දින නිවේදනය කරනු ඇත.