ගුවන් සමාගම රනින් පිදේ


2012 ජාතික ව්‍යාපාර අතිවිශිෂ්ටතා සම්මාන උළෙලේදී ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමට රාජ්‍ය සේවා සඳහා වූ රන් සම්මානය ද, ජාතික ව්‍යාපාරික කළමනාකාරිත්ව ආයතනයට එහි සම රන් සම්මානය ද හිමිවිය. ඡායාරූපය -ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා රන් සම්මානය බාරගනී. සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් සමග ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අහෝක හෙට්ටිගොඩ මහතා ද මෙහි වෙති.