ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා අවස්ථා ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි නවතම ගුවන් සේවා පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල පසුගියදා විවෘත කළේය.
ගුවන් සේවා වෘත්තීයවේදීන් පුහුණු කිරීම සඳහා වසර 30 අත්දැකීම් සමූදායක් තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගුවන් සමාගමේ මානව සම්පත් පුහුණු කිරීමේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ශ්‍රීලංකන් තාක්ෂණික පුහුණුව සහ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය එකතුව පහසුකම් සපයනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සතුව විශේෂයෙන් සකස් කරන ලද ජාත්‍යන්තරව පිළිගත් පුහුණු වැඩසටහන් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවණතාවන්ට ගැළපෙන අයුරින් අති නවීන පන්නයේ පංති කාමර පහසුකම්,රැකියා පුහුණුකිරීම් සහ අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් ඇත. මේ අනුව සෑම අතින්ම නවීන පහසුකම් රැසක් සමගින් ඉගෙන ගැනීමේ අත්දැකීමක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල පහසුකම් ලබාදෙනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ “ජාතික ගුවන් සේවාව වශයෙන් ලාභ උපයීම සහ ගුවන් මගීන් රැගෙන යාමට වඩා වැඩි ජාතික මෙහෙවරක් ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල තුළින් අපගේ අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා සිදුකරන ප්‍රයන්තයන් ද ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා අඛණ්ඩව දක්වන සහයෝගය ද පෙන්නුම් කරයි. නවීන පහසුකම් වලින් සමන්විත ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රීලංකන් පුහුණු අංශයන් හි සංකලනයක් වන මෙම පාසල තුළින් පසුගිය වසර 35 පුරාවට උසස් නිපුණතාවයන් ඇති වෘත්තීයවේදීන් බිහිකිරීම සඳහා කටයුතු කර ඇත. අප රටේ තරුණ පරපුර මෙන්ම කලාපයේ බොහෝ දෙනෙක් මෙම අනර්ඝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සෑම අතින්ම සාර්ථක වීමට ප්‍රාර්ථනා කර සිටිමි”
ශ්‍රීලංකන් ඉදිරි ව්‍යාප්ත සැලසුම් පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ “ අප රට ගුවන් සහ නාවික ප්‍රවාහනය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් සිටින අවස්ථාවක ශ්‍රීලංකන් ගුවන් සමාගම රජයේ දැක්ම වන ශ්‍රී ලංකාවේ පංච ආර්ථික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කිරීම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කැපවීමෙන් සහයෝගය දැක්වීමට කටයුතු කරනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු අංශ ඒකාබද්ධ වීම තුළින් ලබාදෙන උසස් තත්වයේ පුහුණු පහසුකම් වෙනුවෙන් කිර්තිමත් පිළිගැනිමක් ඇති අතර විදේශ සිසුන් රැසක් මේ සඳහා ආකර්ෂණය කර ගැනීම තුළින් විදේශ විනිමය වැඩිකර ගැනීමටත් ජාතික ආර්ථිකය සඳහා ලබාදෙන දායකත්වය වැඩිකරීමටත් අපි ඉලක්ක කරගෙන සිටිමු.”
ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල විවිධ ආකාරයේ වෘත්තීය පාඨමාලා රැසක් ලබාදෙමින් ලෝකයේ කොතැනකදී වුවත් අපගේ සිසුන්ට මේ ක්ෂේත්‍රයේ හැකියාවන් පෙන්වීමට පහසුකම් සපයා ඇත. වෘත්තීමය වශයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුදුසුකම් ලබා ගැනීමට ගෝලීය වශයෙන් දැඩි ඉල්ලුමක් පවතී .මෙවැනි අවස්ථාවක විශේෂයෙන් මැද පෙරදිග කලාපය සඳහා පුහුණු ශ්‍රමිකයන් ලබාදීම වෙනුවෙන් අප රට ප්‍රමුඛව සිටින අවස්ථාවක මිනිස් ශ්‍රමයේ ගුණාත්මක බව වැඩි කිරීමට අපට අවස්ථා උදාවී ඇති අතර පුහුණු ශ්‍රමය සැපයීමට නව මංපෙත් ද විවර වී ඇත. ”
වසර 30 අධික කාලයක් පුරාවට ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය පුහුණු කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගෝලීය ප්‍රමිතීන් සහ එක් එක් ගුවන් සේවාවන්ට අනන්‍ය වූ විශේෂ අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු ලැබේ. මෙම අසමසම අත්දැකීම් සමූදාය තුළින් සිසුන්ට විශේෂ වු පුහුණු පහසුකම් සැපයීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සමත් වී ඇති අතර ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගතය කරා පියමැනීමට මෙය කදිම ස්ථානයක් වනු ඇත.
ශ්‍රී ලංකාව,ඕමානය,පකිස්ථානය සහ මාලදිවයිනේ සිවිල් ගුවන් සේවා අධිකාරි සහ යුරෝපීය නිරුපද්‍රතා ඒජන්සිය විසින් සහතික කරන ලද ශ්‍රීලංකන් තාක්ෂණික පුහුණුව සතුව ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පුහුණු වෘත්තීයවේදීන් බිහිකිරීමේ විශිෂ්ට ඉතිහාසයක් තිබේ.
ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය දකුණු ආසියාවේ ප්‍රමුඛතම පුහුණු අංශයක් වශයෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය(IATA) විසින් 2013 ප්‍රිමියර් කවය යටතේ ලෝකයේ ප්‍රමුඛතම බලයලත් ගුවන් සේවා පුහුණු අංශ 10 අතරට පැමිණීමට හැකි වූ අතර මෙය රටවල් 90 ක ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථාන 440 ක් ඇගයීමෙන් පසු හිමිවිය.
එහි කාර්ය දර්ශනය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රවාහන සංගමය විසින් (IATA ) ලෝකයේ විශිෂ්ටතම සම්මානය ද වසර 3ක් පුරාවට ආසියාවේ විශිෂ්ටතම පුහුණු ආයතනය සඳහා ද ඇගයුම් ලබාගන්නා ලදී. මෙම විශිෂ්ට ඇගයුම් සැළකිල්ලට ගනිමින් IATA හි කලාපීය පුහුණු පාර්ෂවකරු (RTP) වශයෙන් ශ්‍රීලංකන් ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය මේ වසරේ දී පත්වීම් ලැබීමට සමත් විය.
ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලින් විවිධ ආකාරයේ IATA පුහුණු වැඩසටහන් රැසක් ලබාදෙන අතර විශේෂිත වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රි ලංකා කාර්ය සම්පාදන සහ ප්‍රවාහන වරළත් ආයතනය (CILT-SL) , කොළඹ විශ්ව විද්‍යාලය, සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකාරිත්ව ආයතනය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහයෝගයෙන් මෙහෙයවනු ලැබේ. ජාත්‍යන්තර පාර්ෂවකරුවන් හා එක්ව දැනුම හුවමාරු කිරීමේ කටයුතු සිදුකරමින් එහි සේවා ව්‍යාප්ත කිරීමට අමතරව ගෝලීය වශයෙන් පිළිගැනීමක් ඇති පාඨමාලා සිසුන්ට හදුන්වා දීමට හැකිවනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල වෙතින් ඕනෑම සිසුවෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැළපෙන පරිදි පාඨමාලා හදුන්වා දී ඇති අතර උසස් අධ්‍යාපනය තුළින් රැකියා අවස්ථා ලබාගැනීමට සිසුන්ට නිසි අවබෝධයක් ලබාදෙනු ලැබේ.පංති කාමර අධ්‍යාපන ක්‍රමයට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල වෙතින් වර්තමාන ගම්බද තරුණ පරපුරට රැකියා අවස්ථා සදහා මාර්ගෝපදේශකත්වය සපයනු ලැබේ. කොළඹ විශ්ව විද්‍යාලය,රජරට විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාලය සඳහා ප්‍රතිරූප උපදේශකත්ව වැඩසටහන් ද ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලින් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන් තුළින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පැමිණීමට අපේක්ෂිත සිසුන්ගේ ආත්ම විශ්වාසය හා ධනවාදී ආකල්ප වර්ධනය කිරීමට හැකියාව ලැබිනි.
මෙම ඒකාබද්ධ වීම තුළින්, ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල විසින් රටේ පාසල් වල ගුවන් සේවා සංගම් සඳහා මුදල් අයකිරීමකින් තොරව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙවැනි ප්‍රයන්තයන් තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල රටේ තරුණ ප්‍රජාව ගුවන් සේවා ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය හැකියාවන්,දැනුම සහ ආකල්ප තුළින් ධෛර්යමත් කිරීමට කටයුතු කර ඇත.