ගූගල් ලූන් ලංකාවේ වැඩ අරඹයි


ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ලූන් ව්‍යාපෘතියේ ආරම්භක අත්හදා බැලීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානී මුහුන්තන් කන්ගන් පවසයි.

දකුණු ඇමරිකාවෙන් එවූ ගූගල් ලුන් පළමු බැලූනය ලංකාවේ ගුවන් කලාපයට පෙබරවාරි 15 වැනිදා පිවිසි බව ඔහු කියයි.

කුළුණු රහිතව අන්තර්ජාල පහසුකම් ලබාදීමට බැලූන මගින් සංඥා ලබාදීම මෙහි සැලසුමවී ඇත. ගූගල් සමාගම හා ලක් රජය පසුගිය වසරේ මේ සම්බන්ධ ගිවිසුමකට අත්සන් තැබීය.