ලංකාවේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්ය විදුලි බලාගාර බවට පරිවර්ථනය කිරීමේ ජාතික වැඩසටහන අරඹන බව විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
‘ මේ යටතේ අපි විවිධ ක්‍රමවේදයන් 03 ක් යටතේ විවිධ ආර්ථික තත්ත්වයන් දරන නිවාස හිමියන්ට ගැලපෙන පරිදි සකස් කරනවා. තමන්ගේ නිවසේ සූර්ය බලශක්ති පැනලයක් සවිකරගෙන, තමන්ට පරිභෝජනයට අවශ්‍ය විදුලියත් ලබාගෙන අතිරික්ත විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට සපයාදීලා, ඒ තුළින් අමතර ආදායම් මාර්ගයක් සකසාගන්නා ක්‍රමයක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ සවිස්තර වාර්ථාවක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න අපි සූදානම්.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.