ගොඩබිම් වරාය දෙකකුත්


පෑලියගොඩ හා තෙලගපාත ප්‍රදේශයන්හි ගොඩබිම් වරාය 2 ක් ඉදිකිරීමට ශී්‍රලංකා වරාය අධිකාරිය සැරසේ.

මේ සදහා එම ප්‍රදේශයන්හි අක්කර 100 ක පමණ භූමි ප්‍රමාණයක් භාවිතා කෙරෙනු ඇතැයි සදහන්ය.

ගොඩබිම් වරායන් භාවිතා වනුයේ මුහුදු වරායන්ගේ සිට ගෙන එනු ලබන බහාලූම් ගබඩා කිරීමටය.

අනතුරුව ගොඩබිම් වරායන්හි සිට රට පුරා ඒවා ඛෙදා හැරෙයි.

මෙය මුහුද වරායන්වල ඇතිවන තදබදය අවම කරනවා මෙන්ම වඩා කාර්යක්ෂම ලෙස රට පුරා භාණ්ඩ ඛෙදාහැරීමටද මාර්ගය පාදයි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතියට   යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිඛෙන අතර ඊට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.