ගොරක් - තල් කෝලා වෙළඳපොළට


(යොහාන් භාසුර)

'නෙල්ලි කෝලා' නිෂ්පාදකයා වන පානදුර 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන 'ගරක් - කෝලා' සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන 'තල් - කෝලා' වෙළඳපොලට ඉදිරිපත් කළේය.

එම නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගර ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.