( තිලකරත්න දිසානායක.)
කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් මේ වන විට කෘෂි උපකරණ රක්ෂණ ක්‍රමය යටතේ තෙවන පාර්ශ්‍රවයේ මෝටර් රථ රක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කොට ඇත.
මේ අනුව ගොවි මහතුන් සතු කෘෂි උපකරණ ' අත් ටැක්ටර් ' රෝද හතරේ ටැක්ටර් ' ත්‍රිරෝද රථ ' යතුරු පැදි ' කාර් සහ කුඩා ලොරි රථ ආදියද තෙවන පාර්ශ්‍රව යටතේ රක්ෂණය කළ හැකිව ඇති බව එම මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.
ගොවි රක්ෂණ මණ්ඩලයෙහි ප්‍රධාන අරමුණු අතර ගොවි මහතුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම ' වගා පාලු වලදී වගා රක්ෂණ ලබාදීම ' පශු සම්පත් හානියකදී වන්දි ගෙවීම සහ ගොවි මහතුන්ට සිදුවන ආපදාවන්හිදී රෝහල් ගාස්තු ලබාදීම මුත් මීට අමතරව කෘෂි උපකරණ සහ රථ වාහන රක්ෂණය අරඹා ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා කීය.
මෙම රක්ෂණ ක්‍රමය යටතේ අඩු මුදලකට ගොවි මහතුන්ට මෙන්ම සාමාන්‍ය වාහන හිමියන්ටද වාහන රක්ෂණය කර ගැනීමේ අවස්ථාව ලබාදීම සිදු කෙරෙන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසීය