ජූනි 3 වැනිදා පැවති තේ වෙන්දේසියේදී මතුරට වැවිලි සමාගමට අයත් ගෝනපිටිය කර්මාන්තශාලාවේ නිපදවනු ලැබූ එෆ්බීඕපී තේ කිලෝවක් සඳහා උඩපුස්සැල්ලාව කලාපයේ මෙතෙක් වාර්තාවූ ඉහළම මිල වන රු.750/-ක් ලබාගෙන ඇත.
ගෝනපිටිය වතුයායේ වතු අධිකාරී මැක්ස්වෙල් පෙරේරා මහතා කීවේ කොළඹ තේ වෙන්දේසියේ තේ මිල දිනෙන් දින පහළ යන අවස්ථාවකදී ලබාගත් මෙම ඉහළ මිල තමන් ලද ජයග‍්‍රණයක් බවයි. මේ සඳහා මතුරට වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී සුභාෂ් අබේවික්‍රම මහතාගේ මග පෙන්වීම මහත් පිටුවහලක් වූ බවද ඒ මහතා පැවසීය.
තේ අලෙවියේ තැරැව්කාර පාර්ශවය ලෙස ෆෝර්බ්ස් ඇන්ඩ් වෝල්කර්ස් සමාගම ක්‍රියා කළ අතර මිලදී ගනු ලැබුවේ එන්රිච් ටීස් සමාගමයි.