චීන - ලංකා මිතුදමේ අගය කබීර් කියයි


අතීතයේ සිට පැවත එන චීන ශී‍්‍ර ලංකා මිතුදම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක චීන ව්‍යාපෘතී සම්බන්ධ විමර්ශනයන් මුල්කරගෙන පළුදු වන්නට ඉඩ නොතබන බව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ශී‍්‍ර ලංකාවේ වැඩබලන චීන තානාපති රෙන් ෆකුයියැන්ග් හා පසුගියදා පැවති හමුවකදී අවධාරණය කළේය.

සිදුවෙමින් පවතින්නේ ඇතැම් ව්‍යාපෘතී සම්බන්ධව නැගී තිබෙන චෝදනා විමසා බැලීම බව සඳහන් කළ අමාත්‍යවරයා එම චෝදනා ඉක්මනින් විභාග කිරීමට සදහා තම අමාත්‍යංශයන්ද මැදිහත්ව සිටින බව කීවේය.

විමර්ශන වලින් පසු සදොස් යැයි තීරණය වන ව්‍යාපෘතී ඉක්මනින්ම ආරම්භ කිරීම රජයේ අරමුණ යැයිද අමාත්‍යවරයා පැවසුවේය.