චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ තුන් වන වටයේ සාකච්ඡා මේ වසරේ ජුනියේ දී පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාවලදී විශේෂයෙන් අවධානයට යොමුවනු ඇත්තේ ඇඟලූම් ක්ෂේත්‍රයයි. අන්තර් පැසිෆික් සහයෝගීතා ගිවිසුම යටතේ ඇමරිකාව, ජපානය සහ වියට්නාමය වැනි රටවලින් තීරු බදු රහිත ඇඟලූම් අපනයනයට ඉඩ සැලසෙන බව කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය සදහන් කරයි.