චීන ජනපති ෂි ජින්පින්ග් ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව හා චීනය අතර නව වෙළද සබඳතා ඇති කර ගැනීමට රජය අපේක්ෂාවෙන් සිටී.
විශේෂයෙන් යටිතල පහසුකම්, සංචාරක ව්‍යාපාරය, භාණ්ඩ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර වල ඇති ආයෝජන අවස්ථා චීනයට හඳුන්වාදීම රජයේ අරමුණයි.
වටිනාකම සැළකූ විට ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකර ඇති රටවල් අතුරින් ඉහළින්ම සිටින්නේ චීනය වන අතර එම ආයෝජනයන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂ 2400 ක් පමණ වේ.
චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය වල වටිනාකම ඩොලර් බිලියන 4 ඉක්මවන්නකි.
චීනය හා ශ්‍රී ලංකාව අතර තවදුරටත් ශක්තිමත් කර ගැනීමට චීන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හොඳ අවස්ථාවක් වනු ඇතැයි රජයේ අදහසයි.
දැනටමත් චීන සමාගම් 14 ක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒවායින් ලාංකීය ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා 2500 ක් පමණ ලබාදී තිබේ.
වරාය සංවර්ධන, ගැඹුරු මුහුදේ මසුන් මැරීම, භාණ්ඩ නිශ්පාදනය, ඇගලූම් කර්මාන්තය, පාපැදි එකළස් කිරීම, වැනි ක්ෂේත්‍ර වල මෙම සමාගම් ක්‍රියාත්මකය.
චීනයේ මැදහත්වීම මත ක්‍රියාවට නැංවෙන විසල් ව්‍යාපෘතීන්ද තිබෙන අතර උතුරු අධිවේගී මාර්ගය, කොළඹ - නුවර අධිවේගී මාර්ගය,කොළඹ වරායේ දකුණු දිග කොටසේ නව පර්යන්තයක් ඉදිකිරීම,ඩොලර් ලක්ෂ 8000 ක් වියදමක් දරා කොළඹ තරු 7 හෝටලයක් ඉදිකිරීම, ආදිය ඒවා අතරින් ප්‍රධානය.