චීන ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක්?


අද දින දිවයිනට පැමිණෙන චීන ජනපති ෂි ජිං පිං මහතාගේ සංචාරය අතරතුරදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කිරීමට යන නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹිය හැකිවනු ඇතැයි රජය අපේක්ෂාවෙන් සිටී.

මෙම ගිවිසුම සම්බන්ධව දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් පැවැත්වුණු මූලික පරීක්ෂණයක් දැනටමත් සිදුකෙරී අවසාන අතර ඊට අනුව නිදහස් වෙළද ගිවිසුමක් ඇති කිරීමට සුදුසු වාතාවරණයක් දෙරට අතර ඇත.

ශ්‍රී ලංකාවේ චීනයට අපනයනය කෙරෙන තේ,රබර්,ඇඟළුම්,මැණික් ආදී ද්‍රව්‍යයන් හි වර්ධනයක් පසුගිය සමයේ දැකගත හැකිවුවද තවමත් රජය අපේක්ෂා කරන තරමේ ආදායමක් ඒවායින් නොලැබෙන බව සඳහන්ය.

එසේ හෙයින් නිදහස් වෙළද ගිවිසුමක් මගින් චීන වෙළදපොලේ ඇති තවත් අවස්ථා හදුනාගෙන ඒ මගින් අපේක්ෂිත අපනයන ආදායම ලබාගැනීම කෙරේ රජයේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකර ඇති රටවල් අතරින් වටිනාකමින් වැඩිම ආයෝජනයන් සිදුකර ඇති රට වන්නේ චීනයයි.අධිවේගී මාර්ග හා වෙනත් ඉදිකිරීම් ඇතුලූ ව්‍යාපෘතීන් රැසක් චීනයේ සහය ඇතිව දිවයිනේ ක්‍රියාත්මකය.

අද දිනයේ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම සංචාරකයින් පැමිණෙමින් සිටින්නේද චීනයෙනි.