චීන සංචාරකයන්ට ලංකාව අත වනයි
ලබන වසරේදී චීන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයත් චීනයේ ෂැන්හයි හැංෂූ හා චෙන්ග්ඩු ප්‍රදේශවල විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යයි.
මේ වසරේදී චීන සංචාරකයෝ 19000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට ආහ. එය පෙර වසරට වඩා 35.5% වැඩිවීමකි. මේ වසරේ පසුගිය දස මාසයේදී හත්ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ.
ලබන වසරේ ඉලක්කය දස ලක්ෂයකි.
Recommended Articles