මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා චීන තානාපති යි ෂියැන්ලියැන්ග් අතර හමුවක් පසුගියදා පැවැත්විණි.
චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන පසුගිය සමයේ මහත් ආන්දෝලනයන්ට තුඩුදුන් ව්‍යාපෘතීන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව දෙපළ මෙහිදී සාකච්ඡා කළහ.
ලැබී ඇති ටෙන්ඩර් වලට වඩා අඩුමුදලට ඇතැම් ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී චීන තානාපතිවරයාට පෙන්වා දුන්නේය. විශේෂයෙන් කඩවත - කෙරවළපිටිය සම්බන්ධ කෙරෙන වටරවුම් මාර්ගය ඉදිකිරීමේදී දැනට ඉදිරිපත්කර ඇති සැලසුම්වල සුළු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමෙන් පමණක් රුපියල් බිලියන 25 ක් ඉතිරි කරගත හැකි බව ඇමතිවරයා කීය.
මෙම වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ගැනද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය. එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය. නමුත් ඊට පෙර එසේ අධිවේගී මාර්ගයේ දිගුවක් ඉදිකිරීමේ ප‍්‍රයෝජනයක් ඇත්දැයි ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමෙන් සොයා බැලිය යුතුව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
ශී‍්‍ර ලංකාව හා තව තවත් සබඳතා වර්ධනය කරගැනීම චීනයේ අපේක්ෂාව බව සාකච්ඡාවේදී චීන තානාපතිවරයා පැවසීය.